රාජකාරි වාහනය ගෙදර වැඩට- සංචිතයේ වාහන රාජකාරි වැඩට- එවන් නිළධාරියෙක් මැද රට ඉහළ පුටුවක!

රාජකාරි වාහනය පවුලේ පරිහරණයට ගෙන සංචිතයේ ඇති වාහන වලින් රාජකාරි කරන අපූරු නිළධාරියෙකු ගැන මධ්‍යම පළාත් සභාවෙන් වාර්තා වේ.

චෝදනා රැසකට ලක් වී සිටින මෙම ඉහළ නිළධාරියා ඔහු යටතේ ඇති ආයතනයන් කිහිපයක වාහන හිතූ හිතූ ලෙස භාවිතා කරමින් වසර ගණනාවක් පුරා රජයේ මුදල් අවභාවිතා කරමින් සිටින බව පළාත් සභාවේ ඉහළ නිළධාරින් බොහෝ දෙනෙකු දැන සිටියද කිසිවෙකු ඒ පිළිබඳව නිසි පියවරක් නොගන්නා හේතුව දන්නා, පළාත්  සභාවේ මෙවැනි නිළධාරින්ගේ කෙරුවාව හොදින් දන්නා තවත් නිළධාරින් පිරිසක් තැන තැන බැන බැන යන බවද වාර්තා වේ.

පළාත සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී නිළයෙන් මෙම නිළධාරියාට විශාල බලයක් හිමි වන බැවින් එම බලය අයුතු ලෙස යොදවමින් වාහන හතරක් දැනටමත් භාවිතා කරන බව තහවුරු වී ඇති බැවින් විගණන පරීක්ෂණයක් කළහොත් කෙරුවාවේ තරම කොතෙක්ද යන්න හොයා ගත හැකි බව ඔවුන් කියති.

සීතල පැත්තේ ඉහළ දේශපාලකයෙකුගේ සමීප සම්බන්ධතා ඇති මෙම නිළධාරියා දේශපාලන වශයෙන් තීන්දු ගැනීමට “පැන පැන දෙන අයෙකු” ලෙස ප්‍රසිද්ධ අතර එසේ පැනලා දීමට යාමෙන් පසුගිය කාලයේ පළාතේ රාජ්‍ය ආයතන රැසක මුල් පුටු වෙනස් කෙරුණු අතර දැන් ඒවා මෙම නිළාධාරියාට පාරාවලල්ලක් වී ඇති බව පල්ලෙකැලේ පළාත් සභා ගොඩනැගිල්ලේ තැන තැන කතා වෙන බවද වාර්තා වේ.

සරත් සමරනායක

Exit mobile version