අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාර්තා ළඟදීම.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කෙරෙමින් පවතින බවත් , එම වාර්තාව හැකි ඉක්මනින් එළි දක්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ පරිපාලන ප්‍රතිසංස්කරණවලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් , අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී සහ හඳුන්වාදීමේදී මෙම වාර්තාවේ නිර්දේශයන් පිළිබඳව දැඩි ලෙස සලකා බැලීමට රජය කටයුතු කරන බවත් ය.

තවද ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි සම්පූර්ණයෙන්ම පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version