බිත්තර ආනයනය කිරීම අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කරන ලද්දේ බිත්තර ආනයනය මඟින් වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය සමනය කිරීමට හැකියාව ලැබුණු බවත් , රජය ගෙන ඇති කැබිනට් ප්‍රතිපත්තිය මත රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වශයෙන් දෛනික ව අවශ්‍ය බිත්තර මිලියනයක අවශ්‍යතාව සඳහා බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවත් ය.
එමෙන්ම ඒ සඳහා ඉදිරි මාස 03කට අවශ්‍ය අනුමැතිය දැනටම ලැබී ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.