බිත්තරයක මිල රුපියල් 58ක් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.
මීට සති කීපයකට ඉහතදී බිත්තරයක මිල රුපියල් 40ක් දක්වා අඩු වුවද, මේ දිනවල නැවත වරක් බිත්තරයක මිල රුපියල් 58 ක් දක්වා ඉහළ දමා තිබේ.
බේකරි හිමියන් කියා සිටින්නේ තමන් බිත්තරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 60ක තොග මිලකට බවත් කුකුළු ගොවිපොළ හිමියන් බිත්තර මිල ඉහළ දමා ඇති බවත් ය.
නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ ශීතාගාරවල බිත්තර ගබඩා කරන ලද අතරමැදියන් කණ්ඩායමක් මෙලෙස බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවයි.
මෙලෙස සීඝ්රයෙන් ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී යම් ක්රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවද ඇමැතිවරයා පවසා තිබේ.