ඉන්දියන් බිත්තර නිසා ලංකා බිත්තර මිලත් පහළ ගිහින්.

ඉන්දියන් බිත්තර සතොස වෙළඳසැල්වල අලෙවි කිරීමට පියවර ගැනීමත් සමඟ මෙරට බිත්තර මිල ගණන් අඩු වෙමින් පවතින බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ඉන්දියන් බිත්තර රුපියල් 35 බැඟින් සතොස වෙළඳසැල්වල අලෙවි කිරීමට පියවර ගැනීමත් සමඟ හැටන් නගරයේ ලංකා බිත්තරයක මිල ද රුපියල් 44 ත් 45 ත් අතර මිලකට අලෙවි වන බවයි.

ඉන්දියන් බිත්තර ඒමට පෙර මෙම ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 60 ත් 65 ත් අතර ඉහළ මිලකට අලෙවි වූවත් , මේ වන විට එම බිත්තර මිල මෙසේ අඩු වී ඇති බවත් , ඉන්දියන් බිත්තර සතොස මඟින් අලෙවි කිරීමට පියවර ගෙන බිත්තර ඒකාධිකාරිය බිඳ දැමීමට පියවර ගැනීම පිළිබඳව රජයට ස්තූතිය පුද කළ යුතු බවත් එම පිරිස් සඳහන් කර තිබේ .

Exit mobile version