නාවික හමුදාව විසින් ඊයේ (23) යාපනය, කුඩඉරිප්පු ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබියදී රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්රෑම් 86 කට වැඩි තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වේ .
ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදු ප්රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර දෙකක් තුළ අසුරා තිබූ මෙම කේරළ ගංජා කිලෝග්රෑම් 86 ග්රෑම් 700ක් පමණ ප්රමාණය මෙසේ නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් වේ .
මෙසේ නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ පවතින බව වාර්තා වේ .