පුරාවස්තු බවට සැකකරන පාෂාණ කොටස් සන්තකයේ තබාගෙන සිටි බව කියන සැකකරුවන් හත් දෙනකු සහ එක් සැකකාරියක් කඩවත සූරියපාළුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 – 54 අතර පසුවන කඩවත, රාගම, ඉමදුව, රදගහමුණ ප්රදේශවල පදිංචිකරුවන් බවට පොලීසිය පවසයි.
නිදන් වස්තු ලෙස ලබාගත් පාෂාණ කැබලි බහා තිබූ පිත්තල පාත්තරයක් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
පුරාවස්තු සන්තකයේ තබාගෙන සිටින බවට කඩවත පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
කඩවත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.