මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට.

සියලු දිස්ත්‍රික්කවල සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙන අතර අදාළ සාකච්ඡාව මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වෙන බව වාර්තා වේ .

නව මැතිවරණ කොමිසම පත්වීමෙන් පසුව සහකාර සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ .

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙනුත් , කොමිසමේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙනුත්
මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Exit mobile version