විදුලි වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක්.

විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩතහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා මෙරට සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව අද උදෑසන 09ට මරදාන ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත බව සදහන්.

Exit mobile version