විදුලි ගාස්තු මෙම මස සිට ඉහළ දැමීමට අදාලව මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා ඇති තොරතුරු ඉදිරි දින දෙක තුළ යොමු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ප්රකාශ කළ බව වාර්තා වේ .
ජනවාරි මස සංශෝදනය කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනය මේ මස සිට ක්රියාත්මක කිරීමට එම මණ්ඩලය කළ යෝජනාවට අනුව මහජන උපයෝගිතා කොමිසම සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා ඇති බවත් , නියඟය සහ ඇතැම් විදුලිබලාගාර බිඳ වැටීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ තාප විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කිරීම නිසා පිරිවැය ඉහළ යෑමෙන් ජනවාරි මස කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මස සිට කිරීමට යෝජනා කළ බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී .