ඇඹිලිපිටිය එස් බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය භාවිතා කරමින් අද (02) සිට විදුලි නිෂ්පාදන කටයුතු සිදු කරන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් , සමනල වැවෙහි ජලය කාන්දු වන ස්ථාන 6 ක් සොයා ගත් බවත් ය.