සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට මුදාහරින ජල ප්‍රමාණය අද (11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
ඊයේ (10) සමනළ වැව ජලාශයේ සිට උඩවලව ජලාශය දක්වා ජලය ගෙන යන මාර්ගයේ සුළි ඇති වී ඇති බවත් , ඒ හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රවල වේගය අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවත් , ඒ අනුව ඊයේ (10) එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 40ක විදුලිය නිපදවූ බවත් සඳහන් වේ.
එමෙන්ම අද (11) එය තවදුරටත් අඩු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .