බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වේ.

විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත් ආධාරක මඟින් පවත්වාගෙන ගොස් තිබේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය  මෙන්ම දුම්රිය භාවිත කරන මගී ජනතාව ද දැඩි  අපහසුතාවයට පත්වී ඇති බව සදහන්.

විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු නොවන බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

Exit mobile version