තවත් මාස දෙකකට විදුලිය දෙයි.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වුවද මාස දෙක හමාරක පමණ කාලයක් මණ්ඩලයට අයත් බලාගාරවලින් විදුලිය උත්පාදනය කළ හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාරවලින් ඊයේ (28) දින උත්පාදනය කර තිබුණේ ,ගිගාවෝට් පැය 6.26ක් පමණි.

එය ප්‍රතිශතයක් ලෙස සමස්ත නිෂ්පාදනයෙන් 12.7%ක ප්‍රමාණයකි.

ඊයේ දින 51%කට වැඩි ප්‍රතිශතයකින් විදුලිය නිපදවා ඇත්තේ ගල් අගුරු සහ තාප බලාගාරවලිනි.

Exit mobile version