විදුලිබල සේවකයින් අද විශේෂ සමුළුවක්.

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම විදුලිබල සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති අතර අද (21) දහවල් 1.00 ට විහාර මහාදේවි උද්‍යානයේ දී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ලංකා විදුලි සේවක සංගමයේ සභාපති රන්ජන් ජයලාල් මහතා ,

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව අද දිනයේ දහවල් 1ට විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ දැවැන්ත විරෝධතා වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුවක් පවත්වනවා. මේකට ප්‍රධාන හේතුව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරලා පෞද්ගලික සමාගම් 15කට විකුණන්න ආණ්ඩුව සුදානම් කරලා තිබීමයි. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමට මුවාවෙලා ලංකා විදුලිබල මණ්ඩලය වගේ දැවැන්තයෙක් ජාතික ආරක්ෂාව ගැන නොතකා විදේශ සමාගම් අතට පත්කිරීම බරපතළ තත්ත්වයක්. ඒ පනතේ අන්තර්ගතයන් සමඟ විශේෂයෙන්ම අපිට අවශ්‍ය වුණොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කරගැනීමට නියමිතයි. අද සමුළුවට ලංකා විදුලිබල මණ්ඩලයේ අතවශ්‍ය බිඳවැටීම් හා බලාගාර පවත්වාගෙන යන සේවකයින් හැර සියලුදෙනා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹ විහාරමහාදේවි රංග පීඨයට පැමිණෙනවා.”

Exit mobile version