ඇල්ල, ආරුක්කු නවය පාලමේ බිංගයට සංචාරකයින් විසින් හානි සිදු කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඇල්ල දුම්රිය ස්ථානාධිපති අශේන්ද්‍ර දිසානායක මහතා ප්‍රකාශ කරන ලද්දේ එහි පැමිණෙන සංචාරකයින් බිංගයේ බිත්තිවල විවිධ චිත්‍ර හා අකුරු ඇඳ එය විනාශ කර ඇති අයුරු දක්නට ලැබෙන බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඇල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා ,
“ඇල්ල නයින් ආර්ච් පාළම අසල දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් සංචාරයේ යෙදෙනවා. මෙම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ගෙන් කිහිපදෙනෙක් ඉතාමත්ම අවිධිමත් ලෙස හැසිරෙනවා. ඔවුන්ගේ හැසිරීම් රටාවේ වැරදි නිසා මෙම ස්ථානයේ තිබෙන බිංගයේ අශෝභන ලෙස ඔවුන් චිත්‍ර ඇඳීම වැනි ක්‍රියාකාරකම් නිසා මෙම ස්ථානයට බොහෝ හානී සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම පරිසර හානිය බොහෝයි. එම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඇල්ල ප්‍රාදේශීය සභාවත් ප්‍රාදේශීය ලේකම්තුමාගේත් අවධානය යොමු වෙලා ඒවා නැවැත්වීමට කටයුතු කරමින් යනවා. මෙම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ මෙම ඓතිහාසික ස්ථානය රැක ගැනීම සඳහා වගකීමෙන් සංචාරය කරන්න. මෙම පරිසරයට හානි නොකරන්න. ඒ වගේම අනවශ්‍ය රූප සටහන් ඇඳිමෙන් වළකින්න. තවත් කෙනෙකුට නැඹීමට අවස්ථාව උදාකර දෙන ලෙස ඉල්ලා සිටිනවා.”