Elon Musk විසින් ට්විටර් සමාගම තාවකාලිකව වසා දමයි

Elon Musk විසින් නිවේදනයක් නිකුත් කරමින් ට්විටර් සමාගමේ කාර්යාල ගොඩනැඟිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බවට එහි සේවකයින්ට දැනුම් දී තිබේ.

නොවැම්බර් 21 වන සඳුදා දින එම කාර්යාල නැවත විවෘත කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එසේම එම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව නිවේදනයේ සඳහන් කර නොමැත.

කෙසේ වෙතත් Elon Musk විසින් “වැඩි කාලයක් දැඩි කැපවීමෙන්” වැඩ කිරීම සඳහා එකඟ වන ලෙසත් එසේ නොහැකි නම් ඉවත්ව යන ලෙසත් කරන ලද ඉල්ලීමෙන් පසු  විශාල කාර්ය මණ්ඩලයක් ඉවත්ව යන බවට වාර්තා පළ වී තිබු පසුබිමක මෙම නිවේදනය ද නිකුත් කර තිබේ.

එමෙන්ම “සමාජ මාධ්‍යවල , පුවත්පත් සමඟ හෝ වෙනත් තැන්වල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරීමෙන් වැළකෙමින් සමාගමේ ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරන්න” යනුවෙන්ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

Exit mobile version