ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා .

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් සැත්කම් සිදු කිරීමට බාධා මතුව ඇති බව වාර්තා වේ.

සබරගමු දකුණ හා ඌව පළාත්වල ගම්මාන රැසක ජනතාව දෛනිකව මේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනු ඇති අතර නේවාසිකව ද විශාල පිරිසක් ප්‍රතිකාර ලබන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වාට්ටු 13කින් සමන්විත වේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ සම්පත් බණ්ඩාර සඳහන් කළේ, සාමාන්‍යයෙන් දිනකට ශෛල්‍යකර්ම 20ක් පමණ සිදු කෙරෙන බවයි.

නමුත් දැන් දින කිහිපයක සිට නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා මේ දිනවල සිදු කරන්නේ සුළු ශල්‍යකර්ම පමණක් බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version