ඇඹිලිපිටිය – උඩගම මාරක රිය අනතුරක් – තරුණයෙකු ජීවිතක්ෂයට.

ඊයේ (08) ඇඹීලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය – රත්නපුර මාරගයේ උඩගම හන්දිය ප්‍රදේශයේ දී රත්නපුර දෙස සිට ඇඹීලිපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් යතුරුපැදිකරුට තම රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මරණකරු නෙටොල්පිටියේ පදිංචි  23 හැවිරිදි අයෙක් වන අතර මෘත දේහය ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹීලිපිටිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන්.

Exit mobile version