දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවකට.

දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ.

මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය පැවසුවේ පසුගියදා මීනගයා දුම්රියේ ආපනශාලාව පරීක්ෂා කිරිමේදී අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වීමත් සමග එම තීරණය ගත් බවයි.

ඒ අනුව මීනගයා දුම්රියේ ආපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බව සදහන්.

Exit mobile version