රතු මුහුදේ ගිනි අස්සේ, තායිවාන මැතිවරණය , චීන – ඇමෙරිකා ගැටුමකට මුලක් ?!

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට කිසිදු බාහිර මැදිහත්වීමක් සිදු නොවිය යුතු බව, චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා MAO NING මහත්මිය මාධ්‍ය සඳහන් කලේ, චීන-ඇමෙරිකා සබඳතා සහ තායිවාන සමුද්‍ර සන්ධි‍යේ සාමය සහ ස්ථාවරත්වයට බරපතල හානියක් සිදුවීම වැළැක්වීම සඳහා, ඇමරිකාව කිසිදු ආකාරයකින් චීන –  තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට මැදිහත් නොවිය යුතු බවයි.

ඇතැම් ඇමරිකා නිලධාරීන් මෑතකදී පෙන්වා දුන්නේ, තායිවාන මැතිවරණයෙන් පසු ධවල මන්දිරය විසින් තායිවානයේ සංචාරය කිරීම සඳහා නිල නොවන දූත පිරිසක් පිටත් කරන බවයි.

මේ පිළිබඳ MAO NING මහත්මිය අවධාරණය කළේ, ලෝකයේ චීනයක් ලෙස තිබෙන්නේ එකක් පමණක් බවත් තායිවානය අනිවාර්යෙන් ම චීනයේ වෙන් කළ නොහැකි කොටසක් බවයි. ඇමරිකාව සහ තායිවානය අතර ඕනෑම ආකාරයේ නිල හුවමාරුවකට චීනය සැමවිටම දැඩි ලෙස විරුද්ධය.

ඇමරිකාව තායිවානය සමඟ තිබෙන කවරාකාරයේ හෝ නිල හුවමාරු නතර කළ යුතු බවත්, තායිවාන මැතිවරණවලට කිසිදු ආකාරයකින් මැදිහත් නොවිය යුතු බවත්, ඇය එහිදී ප්‍රකාශ කළේය.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන බවත් තායිවානයේ මැතිවරණ යනු චීනයේ දේශීය කටයුත්තක් බවත්, ඊ‍ට කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් ඇය පෙන්වා දෙන්නීය. ඇමරිකානු පාර්ශ්වය තායිවානයේ මැතිවරණ සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ විවෘතව සිදු කරන බැවින්, චීනය එයට දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරන බව, MAO NING මහත්මිය සඳහන් කරන ලදී.

Exit mobile version