EPF ලියාපදිංචි නොවුනු ආයතන සෙවීම

විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙන්නේ අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳවයි.

සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වන බවත් එම පිරිස ද සේවක අර්ථ සාධක අරමුදලට දායක කරගැනීම මඟින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකි බවද වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන අසූ දහසක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති බව ද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

වාර්තා වන ආකාරයට ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී බව තවදුරටත් සඳහන් වේ.

Exit mobile version