පලා ගිය සිරකරු ගහක සැඟවිලා – ආයෙත් සිරගෙදරට.

මංකොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධව මාතර බන්ධනාගාරයේ වසර 04ක සිරදඬුවමක් විඳින සිරකරුවකු තවත් නඩුවකට දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිරමැදිරියට දැමීමෙන් පසු පලා ගොස් සැඟව සිටියදී පැය පහක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට අධිකරණය ආසන්න ප්‍ර‍දේශයේ ගසක් උඩ සැඟව සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ සිරකරුව සොයා ගෙන තිබේ .

සිරකරුවාට විරුද්ධව පැවැති නඩුව අවසන්වී දහවල් 12.15ට පමණ ඔහුව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අධිකරණ භූමියේ වූ සිරමැදිරියට දමා ඇති අතර එකවරම එම සිරමැදිරියේ දොර තල්ලුකර බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී මෙලෙස පලාගොස් ඇති බව සඳහන් .

Exit mobile version