අ.පො.ස.උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්වලට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු අද (20) මධ්‍යස්ථාන 32කදී ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ වන විට විෂයන් 05ක ඇගයීම් කටයුතු අවසන් කර ඇති බවත් , එලෙස ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සාමාන්‍ය ඉංග්‍රීසි විෂයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100 කට ආසන්න සංඛ්‍යාවක දී ලබන 26 වන දා සිට ආරම්භ කිරීමට නියමිත බවත් , සියලු විෂයන් වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීම අවසන් කර ඇති අතර එහි ඇගයීම් කටයුතු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිඳු කරන බවත් විභාග කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.