සෑම වසරකදීම 40000ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වන බවට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහන් කර ඇති බව වාර්තා වේ.
‘‘මේ වන විට රටේ මත්ද්‍රව්‍ය හිඟයක් තිබෙනවා. ඕනෑම අයෙකුට මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදිය හැකියි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී නමින් නිලධාරියෙකු සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පත් කරලා තිබෙනවා. එම නිලධාරියා හමුවී මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට ඕනෑම උපදෙසක් ලබා ගතහැකි යැයි” අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කර තිබේ.
“මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට නිවාරණය, ප්‍රතිකාරය සහ පුනරුත්ථාපනය අවශ්‍ය වෙනවා. ඉදිරියේ දී පොලිස් ස්ථාන 02 බැගින් එකතු කර දිවයින පුරා පොලිස් ස්ථාන 200ක පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කරනවා. එම පුනරුත්ථාපන මධ්‍යස්ථාන මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් එකවර 15000ක පමණ පිරිසක් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා. අධිකරණ මගින් සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් එලෙස පුනරුත්ථාපනය කරනවා” යැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර වැඩිදුරටත් පවසා තිබේ.