පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හට T 56 වර්ගයේ අවි සඳහා භාවිතා කරන ජීව පතොරොම් 340 විකිණීමට ගිය හිටපු යුධ හමුදා සෙබළකු ගොඩකවෙල පොලිස් බල ප්‍රදේශයේදී STF බුද්ධි නිලධාරීන් විසින් ඊයේ (25) දින සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් එක් පතොරොමක් රුපියල් 500 බැගින් විකිණීමට සැලසුම් කොට තිබේ. මෙම පතොරොම් මිලදීගැනීමට පැමිණ ඇත්තේ STF බුද්ධි නිලධාරීන් බව හදුනාගෙන නැති ඔහු මෙම ගනුදෙනුව සදහා ගොඩකවෙල පොලිස් බල ප්‍රදේශයේ එක් ස්ථානයක් තෝරාගෙන තිබේ. පතොරොම් මිලදී ගැනීමට පැමිණි STF බුද්ධි නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ගොඩකවෙල පොලිසිය වෙත භාරදී ඇත.
ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති KM විජේසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන අතර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි නිලධාරීන් විසින් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.