පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන මසුන් මරලා.

පුපුරණ ද්‍රව්‍ය උපයෝගී කරගෙන මසුන් මැරීමේ නිරතව සිටි තිදෙනෙකු නැගෙනහිර මුහුදේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රාවක් , කිලෝ ග්‍රෑම් 105 ක පමණ මසුන් තොගයක් සහ නීතිවිරෝධී ධීවර උපකරණ රැසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ආම්පන්න තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්‍යාලය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ .

Exit mobile version