ෆේස්බුක් සමාගමට දඩ ගහලා.

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙස අධිකරණය විසින් දන්වා තිබේ.

මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීමේ චෝදනාව මත අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා තිබූ අතර අදාළ යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බව සඳහන් වේ.

Exit mobile version