පුරන් කුඹුරු වෙනත් වගාවන්ට.

තෙත් කලාපීය පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, වී වගා කිරීමට නොහැකි වීමෙන් තෙත් කලාපයේ කුඹුරු ඉඩම් රැසක් මේ වනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවයි.

මෙවර අයවැය යෝජනාවක් අනුව එසේ අතහැර දමා ඇති ඉඩම් වෙනත් වගාවන් හා සත්ත්ව පාලනය සඳහා යොදවා ගැනිමට යොජනා කර ඇති බව සදහන්.

ලබන මාසයේ සිට ඒ සඳහා පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබේ.

ඒ අනුව තමන් අයත් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් වගාව සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

Exit mobile version