වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමට සූදානම් නමුත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඊයේ (04) මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
කවර අවස්ථාවක වුවත් අවශ්‍ය ප්‍රමාණයකින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවත් එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ ඕනෑම වී ගබඩාවක් විවෘතව තැබීමට පියවර ගෙන ඇති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සදහන් කර තිබේ.
මේ අතර දැනට රජය සතුව ප්‍රමාණවත් වී සහ සහල් සංචිත නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.