ප්‍රදේශ කිහිපයක ගොවීන් අවදානමක.

ගිරාඳුරුකෝට්ටේ , මහියංගනය , බතලයාය , කෙසෙල්පොත , රොටලවෙල , තිස්සපුර , රිදීමාලියද්ද , බෙලගන්වැව , වැලිමඩයාය ඇතුළු ගම්මාන රැසක ගොවිබිම් සඳහා භාවිතා කරනු ලබන කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වන බව වාර්තා වේ.

මෙම ප්‍රදේශවල ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර , ඒ සඳහා යොදනු ලබන කෘෂි  රසායන ද්‍රව්‍ය ප්‍රදේශයේ ජල උල්පත් , ඇළ මාර්ග සහ ගංඟාවලට එකතු වීමෙන් මේ අයුරින්  ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වන බව ඔවුන් සඳහන් කර තිබේ.

Exit mobile version