යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේදී ගොවි ජනතාව හට ලබා දෙන රුපියල් මිලියන 15,000 ක යූරියා පොහොර සහ කෘෂි උපකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත නිල වශයෙන් භාර දීම හෙට (22) දින හම්බන්තොට – බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී සිඳු කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම හම්බන්තොට , බදුල්ල , අම්පාර , මාතලේ , පුත්තලම , කුරුණෑගල සහ අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක 7 ක කෙටෙයාර් භාගයකට වඩා අඩු බිම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000ක් සඳහා කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටිය බැඟින් ලබා දීම සිඳු කරන බව සඳහන්.