දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක රිය අනතුර.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෑන් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 සහ 32 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මවක් සහ දියණියකි.

පොලීසිය පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අනතුරින් මියගොස් සිටින මව අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ඔවුන් පදිංචි සිය නිවස වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

එම කාන්තාවන් සහ තවත් පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දෙසට ධාවනය වෙමින් සිටියදී කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී එම වෑන් රථය ඉදිරියෙන් ගමන්කළ ලොරි රථයක පසුපස ගැටී ඇති බවට පොලීසිය පවසයි.

පොලීසිය සැකපළ කරන්නේ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි. 

අනතුරින් තුවාල ලැබූ මව දියණිය සහ වෑන් රථයේ රියදුරු කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මව සහ දියණිය මියගොස් ඇත.

වෑන් රථයේ රියදුරු කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුව ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවට පොලීසිය පවසයි.

Exit mobile version