පස්සර – ලුණුගල ප්රධාන මාර්ගයේ 13 වන සැතැපුම් කණුව අසළදී මෝටර් රථයක් ඊට පහළ මාර්ගයට පෙරළී යාමෙන් එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෝටර් රථ රියදුරු තම ගෙවත්තේ සිට පිටුපසට ගැනීමට යාමේදී මෝටර් රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බව සදහන් කරයි.
මෙම අනතුරේ විශේෂත්වය නම් මීට වසර දෙකකකට පමණ පෙර අද (20) වැනි දිනෙක (2021.03.20) කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්රපාතයකට පෙරළී මාරන්තික අනතුරක් සිදු වූයේ මෙම ස්ථානයෙදීම බව වාර්තා වේ.