දඹුල්ල – මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු මාර්ගයේ විහාර හංදිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ..
ඊයේ (05) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බවට පොලීසිය පවසයි.
කණ්ඩලම දෙස සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකුගේ හා දරුවෙකු වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා සහ දරුවා වඩාගෙන සිටි කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව සහ පුද්ගලයා මියගොස් තිබේ.
කාන්තාව වඩාගෙන සිටි වයස මාස 09ක දියණිය දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අනතුරින් මියගොස් ඇත්තේ, බණ්ඩරාගම ලිපිනයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු හා මෙතෙක් ලිපිනය අනාවරණය නොවූ 43 හැවිරිදි කාන්තාවකි.
මෘත ශරීර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සදහන්.
අනතුරින් යතුරුපැදිකරුද තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.