තම දියණියව දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පියා සහ මිතුරා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බවට වාර්තා වේ.
දැරියට වයස අවුරුදු 10 සිට වසර 6ක් තිස්සේ තම දියණිය වරින් වර දූෂණය කර ඇති අතර මේ බව දැනගත් පියාගේ මිතුරෙකු විසින්ද මීට සති දෙකකට පමණ පෙර දැරිය දූෂණය කර ඇති බවට අනාවරණය වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කල සැකකරුවන් දෙදෙනා පුත්තලම – කරුවලගස්වැව 07 කණුව ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ,ඔවුන් වයස අවුරුදු 40 සහ 44 හැවිරිදි වියේ පසුවන්නන් බවට පොලිස් විමර්ශණවලදී හෙලි වී තිබේ.