මහනුවර ,බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
පිය පුතු මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ජීප් රථයක ගැටී ඊයේ (16) රාත්‍රී 8.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරින් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 41 හැවිරිදි චන්ද්‍රික සම්පත් රුද්‍රිගු සහ ඔහුගේ පුත්‍රයා වූ 11 හැවිරිදි විමන්ත රුද්‍රිගු යන අයයි.
අනතුර සිදු වූ අවස්ථාවේ අදාළ ජීප් රථය පදවා ඇත්තේ ,මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.