අනතුරින් පියා – දියණිය මරුට.

මාදම්පේ හැඩබණ්ඩාරගම හන්දියේ දී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා සහ  දියණිය එම ස්ථානයේ දී ම මිය ගොස් ඇති බව වාර්තා වේ.

අනතුර සිදු වීමෙන් පසු රියදුරා ලොරි රථය දමා පළා ගොස් ඇති බව සදහන්.

මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ හැඩබණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි නිහාල් පෙරේරා නැමැති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ දියණිය වන සිතුෂි පෙරේරා නැමැති 16 හැවිරිදි පාසල් සිසුවියකි.

එම සිසුවිය මාදම්පේ සේනානායක ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

මාරක අනතුර සිදුකර පළාගිය ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version