සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල ගාස්තු අඩුකෙරේ.

කොළඹ නගරය තුළ පිහිටා තිබෙන සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල ගාස්තු අඩු කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලබන ඔක්තෝම්බර් මස පළමු වන දා සිට සංචාරක හෝටල් සහ නවාතැන්පොළ වල අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව තරු පහේ සංචාරක හෝටලයක කාමර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100ක් ද , තරු හතරේ සංචාරක හෝටලයක කාමර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 75ක් ද , තරු තුනේ සංචාරක හෝටල් කාමරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 50 ක් ද , තරු දෙකේ සංචාරක හෝටල් කාමරයක ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 35ක් ද , තරු එකේ සංචාරක හෝටල් කාමර‍යක් සඳහා ඇමෙරිකානු ඩොලර් 20 ක් ද වශයෙන් මිල අවම කර ඇති බව සඳහන්.

එමෙන්ම මීට අමතරව සංචාරක හෝටල්වල ආහාර මිල ගණන්ද අඩු කර ඇති බව වාර්තා වේ

Exit mobile version