දේශිය වෙළෙදපොළේ පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇති බවට වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමාට දැනුම්දීමක් සිදුකළ අතර ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල 18,500 සිට 11,000 දක්වා අඩුකිරීමට නියමිත බවත්ය .