බණ්ඩි පොහොර මිල අඩු කෙරේ.

බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මිල යල කන්නයේදී රුපියල් 4500 කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (15) දින සිට බණ්ඩි පොහොර රුපියල් 15,000කට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින්  ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් , තමන්ට පහසු දිනයකදී බණ්ඩි පොහොර මිලදී ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම තමන්ට අවශ්‍ය බණ්ඩි පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින් හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version