ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යාමට නොහැකි වූ රැකියා ලාභීන් පනස් දෙදෙනා ඊයේ (25) එරට බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය 20 වැනිදා කොරියාව බලා යාමට සූදානමින් සිටි මෙම පිරිසට ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් ආපසු හැරී යාමට සිදු වූ අතර එම තත්ත්වය හමුවේ ඔවුන්ට හිමිව තිබූ රැකියා අවස්ථාද නොලැබී යාමේ අවදානමක් පැවතුණි.
නමුත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිලධාරින් දකුණු කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡා කර අදාළ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් යළි දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.