විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව ලබන සිකුරාදා දිනයේ තීරණයක් ගන්නා බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළ බව වාර්තා වේ.
එහි සභාපති මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතා ප්රකාශ කර ඇත්තේ කොමිෂන් සභාව ලබන 30 වන සිකුරාදා දිනයේ රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි.