මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරටට මානුෂීය ආධාර සැපයීමට ජපාන රජය තීරණය කර ඇති අතර ජපාන රජය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 1.8 කට අධික මුදල් ආධාරයක් යුනිසෙෆ් සංවිධානය වෙත ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම මූල්‍යාධාර මගින් ලක්ෂ හයක පමණ දරුවන්ට පිරිසිදු පානීය ජලය ,මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් සදහා අවශ්‍ය ප්‍රතිකාර , සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට කටයුතු කරන බව සදහන් කරයි.
මේ වන විට යුනිසෙෆ් සංවිධානය හරහා ජපන් රජය විසින් මෙරටට ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 3.8 ඉක්මවා ඇති බව කියයි.