මහ කන්නයේදී රජය පොහොර බෙදාදීමෙන් ඉවත්ව ගොවීන්ට සහනාධාර ක්‍රමයක් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ ,රජය පොහොර බෙදා දීමේ කටයුත්තෙන් ඉවත්ව එම කටයුතු පුද්ගලික අංශයට භාර දීමට කටයුතු කරන බවයි.
මෙවර යල කන්නයේදී පොහොර බෙදා දීමට වැය කල මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබාදීම මගින් ගොවීන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩපිළිවෙළෙහි අරමුණ වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙයි.