අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගානක් හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයේ ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
කුබිචන්කුලම වැවේ ඇවිදින මං තීරැවේ ව්‍යාම කිරිම සදහා පැමිණි අසල්වාසි පිරිසකට වැව ආසන්නයෙන් දුගදක් හැමිම නිසා ඒ පිළිබඳව පරික්ෂා කිරිමේදි වැව් බැම්ම ආසන්නයේ මිය ගොස් සිටි මෙම මසුන් දක්නට ලැබි තිබේ.
ජලජිවි වගා අධිකාරිය විසින් මිට වසරකට පමණ පෙර කුබ්ච්චන්කුලම වැවට විවිධ වර්ගයේ මසුන් පැටව් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මුදා හැර තිබුණි.
එම මසුන් අතරින් හොදින් වැඩුන ඉස්සන්,පොකිරිස්සන්,තිලාපියෝ වර්ගයේ මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් වැවේ දිය රැලි සමග වැව් බැම්බ ආසන්නයට පාවී ගොඩ ගැසි තිබුණු බව වාර්තා වේ.