බෝම්බ පිපිරීමකින් පහක් ජීවිතක්ෂයට .

වයඹ දිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව 21 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

බෝම්බය ඩෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පොලිස් මුර සංචාරයක් ඉලක්ක කර ඇති බවට පොලිස් නිලධාරීන් පවසයි.

ඩෙරා ඉස්මයිල් ඛාන් නගරය යනු, දිගු කලක් තිස්සේ විදේශීය සහ දේශීය සන්නද්ධ කණ්ඩායම්වලට නිවහනක් වූ නගරයක් බව සඳහන්.

මෙම සිද්ධිය මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සිදු වූවක් ද නැති නම් ඒ අසල අටවා තිබූ බෝම්බයකින් සිදු වූවක් ද යන්න තවම පැහැදිලි නැති බවට පාකිස්තානු පොලීසිය අවධාරණය කර තිබේ.

මෙම වසර තුළ පාකිස්තානයේ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති අතර, ඊට මූලික වශයෙන් ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ මතවාදී ව පෙළ ගැසී ඇති තහනම් කණ්ඩායමක් වන Tehreek-e-Taliban Pakistan (TTP)හි ක්‍රියාකාරකම් හේතු වී ඇති බව වාර්තා වේ.

Exit mobile version