දැදුරුඔය පෝෂක ප්‍රදේශ වලට ඊයේ (03)දිනයේ ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ නිසා අද (04) අළුයම සිට ජලාශයේ වාන් දොරටු 05 ක් අඩි 04 බැගින් විවෘත කළ බවට ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා ප්‍රකාශ කර තිබේ.
වාන් දොරටු 05 විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 13800 ක ජල පරිමාවක් මුදාහැරෙන බවට ඉංජිනේරුවරයා පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් නොවූවත් ඉදිරි වැසි තත්ත්වය සම්බන්ධයෙන් දැදුරුඔය පහළ ද්‍රෝනියේ පදිංචි කරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස වාරි ඉංජිනේරු කාර්යාලය පවසා තිබේ.