කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සහ අවදානමට ලක් වූවන්ට මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් , එහි 4000 කට අධික සංඛ්‍යාවක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව කොළඹගේ මාවත , ෆර්ගසන් පාර , ස්ටේඩියම් ගම , මාදම්පිටිය , ඇපල්වත්ත සහ ඔබේසේකරපුර යන ප්‍රදේශවල මෙම මහල් සංකීර්ණ ඉදිකෙරෙන බවත් , එම නිවාස ඒකකයක් වර්ග අඩි 550 කින් යුක්ත වන බවත් සඳහන් වේ.
මෙම නිවාසලාභීන්ට එහි ඔප්පුව සහ ජල , විදුලි සම්බන්ධතාව ඇතුළු සියලු පහසුකම් නොමිලයේ ලබා දෙන බවත් වාර්තා වේ.
එමෙන්ම ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ අනුග්‍රහය යටතේ එම නිවාස සංකීර්ණ ව්‍යාපෘති ක්‍රියත්මක වන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.