නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ට මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ද දැනුම් දී තිබේ.